Thursday, August 30, 2012

කුදන්කුලම් න්‍යෂ්ටික බලාගාරය ගැන අනතුරු ඇඟවීමක්



අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 29 බදාදා - 15:32 GMT | BBC Sandeshaya

යෝජිත කුදන්කුලම් න්‍යෂ්ටික බලාගාරය
දකුණු ඉන්දියාවේ කුදන්කුලම් ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරයක් තැනීමට කටයුතු කිරීම ශ්‍රී ලංකාවට අහිතකර විය හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති.
කොළඹ පැවති පරිසර සමුළුවක් අමතමින් පරිසර නීතිවේදී ජගත් ගුනවර්ධන කියා සිටියේ ශ්‍රී ලංකාවට සංක්‍රමණික පක්ෂීන් පැමිණෙන මාර්ගයේ යෝජිත කුදන්කුලම් න්‍යෂ්ටික බලාගාරය පිහිටා ඇති බවයි.
"සංක්‍රමණික පක්ෂීන් ගේ සිරුරු කොටස් සහ වසුරු හරහා න්‍යෂ්ටික අපද්‍රවය ශ්‍රී ලංකාවට පැමිණෙන්න ඉඩ තිබෙනවා" යැයි නීතිවේදී ජගත් ගුනවර්ධන කියා සිටියේය.
මේ න්‍යෂ්ටික බලාගාරය තැනීමට එරෙහිව කටයුතු කිරීමට ජාත්‍යාන්තර පරමාණුක ආරක්ෂණ නීතිය යටතේ කටයුතු කිරීමට හැකියාවක් ඇතත් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු
අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිද්‍රාශීලී පිලිවෙතක් අනුගමනය කරමින් සිටින බව නීතිවේදී ජගත් ගුනවර්ධන ප්‍රකාශ කළේය.
කුදන්කුලම් න්‍යෂ්ටික බලාගාරය පිළිබඳව ශ්‍රී ලංකාව තුල සංවාදයක් ඇති විය යුතු බව පරිසර සමුළුව අමතමින් තාක්ෂණවේදය පිළිබඳව මහචාර්ය හේ. ශ්‍රීයානන්ද පෙන්වා දුන්නේය.